වනිඳු හසරංග T20I නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කල බව හසරංග පැවසීය.
ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට සෑම විටම ඔහුගේ උපරිමය ලැබෙනු ඇති බවත්, සෑම විටම මෙන් කණ්ඩායමට සහ නායකත්වයට සහය දෙන බවත් ඔහු සඳහන් කළේය.
ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කළේ හසරංග ඉදිරියටත් කණ්ඩායමට අත්‍යාවශ්‍ය ක්‍රීඩකයකු ලෙස රැඳී සිටිනු ඇති බවයි.