සමාගම් පනත යටතේ සංස්ථාපනය හෝ ලියාපදිංචි කර ඇති සමාගම් අතුරින් සක්‍රීය තත්ත්වයේ පවතින සමාගම් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා දැනට පවතින පනතෙහි ප්‍රතිපාදන නොමැති බැවින්, ඒ සඳහා නව නීතියක් පැනවීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හෝ ලියාපදිංචි කරන ලද සමාගම් නැවත ලියාපදිංචි කිරීමට විධිවිධාන සැලසීම සඳහා නව නීතියක් හඳුන්වා දීමටත්, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්, කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ.