රාජ්ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්රාමිකයින් 708,231කට ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්රාම වැටුප් දීමනාව බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් පැවසුවා.
ඒ අනුව, රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බවයි අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
මේ සමඟ 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්රමාදයකින් තොරව අදාළ දිනය වන ජූලි 10වන දින විශ්රාම වැටුප් දීමනාව හිමිවනු ඇති බවයි ජනරාල්වරයා පැවසුවේ.
ප්රාදේශීය ලේකම් කාර්යාල ජූලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකළ හෙයින් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්රාම වැටුප් දීමනාව ජුලි 11වන දින හිමිවනු ඇති බව ද විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.