තුර්කි නාවික හමුදාවට අයත් ටී.සී.ජී. කිනලියඩා නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.
නාවිකයන් 152 දෙනෙකුගෙන් සමන්විත මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන්නේ සර්කාන් ඩොගාන්.
ඔහු සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවක් ද මෙහිදී සිදුවී තිබෙනවා.
ලබන 11 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නාවිකයන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක ද ඔවුන් නිරත වන බවයි නාවික හමුදාව නිවේදනය කළේ.