By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ක්‍රිකට් ගැටළු විසඳන්න නම් පරිපාලනය විධිමත් කළ යුතුයි – අලි සබ්රි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ක්‍රිකට් ගැටළු විසඳන්න නම් පරිපාලනය විධිමත් කළ යුතුයි – අලි සබ්රි
දේශීය

ක්‍රිකට් ගැටළු විසඳන්න නම් පරිපාලනය විධිමත් කළ යුතුයි – අලි සබ්රි

Last updated: July 10, 2024 12:11 am
4 Min Read
Share
ali-sabri-talked-about-sri-lanka-cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නීති හඳුන්වාදී එහි පරිපාලනය විධිමත් කිරීම තුළින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ගැටලු රැසක් විසඳිය හැකි බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

සිංගප්පුරුවේදී රොයිටර් පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එක්තරා කණ්ඩායමක් විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනු ලබන අතර ඔවුන් එය සිය බලකොටුවක් ලෙස පවත්වාගෙන යන බවයි.

පසුගිය සතියේ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවයකට පැමිණියා.

මාධ්‍යවේදිනිය –
කවදාද ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරනු ලබන්නේ?

අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය

අපි විශ්වාස කරනවා එම අනුමැතිය ලබන සතිය වන විට හෝ මේ මස අවසානයේදී ලැබේවි කියලා. ඒ සමග නිල වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් කරනවා.

මාධ්‍යවේදිනිය –
ඔබ ක්‍රිකට් ලෝලියෙක්, ඔබ දැන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කටයුතු කරනවා. ඔබ දැන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ගනු ලබන මූලික පියවර
මොනවාද?

අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය

ඉතා හොඳ ප්‍රශ්නයක්, එය මගේ ආශාව. මම හිතන්නේ කාලයක් පුරාවට ක්‍රිකට් පාලනය කරනු ලැබුවේ එක්තරා කණ්ඩායමක් විසින්.

ඔවුන් සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ගේ බලකොටුවක් ලෙස පවත්වාගෙන කටයුතු කළා. උදාහරණයක් ගත්තොත් මිලියන 22ක් ජනතාව අතුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඡන්ද 147ක් තිබෙනවා.

ඉන්දියාවේ බිලියන 1.5ක ජනතාවක් අතුරින් ඡන්ද ඇත්තේ 38ක ප්‍රමාණයක්.

බ්‍රිතාන්‍යයේ මිලියන 60කට ආසන්න ජනතාවක් අතුරින් ඡන්ද ඇත්තේ 18ක් පමණවන සංඛ්‍යාවක්.

ඔබට පේනවා ඇති මෙතන කුමක් හෝ වැරැද්දක් ඇති බව.

නමුත් ඔබ මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයෙන් විමසුවහොත් මේ පිළිබඳව ඔවුන් කිසිවිටකත් කිසිදෙයක් කරන්නේ නැහැ.

ඔවුන් රජයේ පාසල් වෙත මුදල් ලබාදීම සිදුකරනවා.

මම හිතන්නේ දැන් නීති හඳුන්වාදෙමින් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට කාලය පැමිණ තිබෙනවා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට, තාක්ෂණික නිලධාරීන්ට මෙන්ම විවිධ ක්‍රිකට් සමාජ සහ කණ්ඩායම් එක්ව

නව පරිපාලනයක් ඇතිකිරීම හරහා මෙය පවත්වාගෙන යාමට එක්විය යුතුයි.

මෙය තවදුරටත් විධිමත් ආයතනයක් බවට පත්කළ යුතුයි.

එවිට එහි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් සිටින පුද්ගලයින්ට ගත හැක්කේ ප්‍රතිපත්තිමය තීරණ පමණයි.

ඔවුන් පත්කරනු ලබන විධායක නිලධාරීයෙකු හරහා මෙම ආයතනය පත්වාගෙන යා යුතුයි.

මාධ්‍යවේදිනිය –

ක්‍රිකට් පුහුණුකාර ධූරය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වීම ලබාදී තිබුණා ජුනි මසදී ඔහුගේ පවුලේ සාමාජිකයින් සමඟ වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය බවට පවසමින්. ඔබ එයට එකඟවෙනවාද? දැන් කුමක්ද කරන්නේ?

අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය

මම සිතන්නේ ක්‍රිකට් සම්බන්ධ ගැටලු ඒ දැනුම ඇති පුද්ගලයින් වෙත යොමුකළ යුතුයි.

මට සිතෙන්නේ සමස්ත පරිපාලනයම නැවත සකස් කිරීම අනිවාර්ය කටයුත්තක්.

ජනපති විසින් පත් කළ කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ ප්‍රධානියා ලෙස මම කටයුතු කරනවා.

අප විසින් නිර්දේශයන් ඇතුළත් පිටු 44කින් සමන්විත දිගු වාර්තාවක් ලබාදුන්නා

ඒ අනුව නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නව නීති ගෙන ආ යුතුයි.

අප සියලු දෙනාටම අවශ්‍යයි 1996 සිට 2015 වසර දක්වා කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරය නැවත දකින්න.

ඒ කාලය තුළ සියලු ලෝක කුසලාන තරගවල අප අවසන් තරගයට හෝ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළා

අපේ බලාපොරොත්තුව ඒ ක්‍රිකට් සන්නාමය නැවත ගෙන එමින් අපට නැවත සතුටක් ලබාගත හැකියි කියලා.

මාධ්‍යවේදිනිය –

ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ ඔබේ රැකියාව හොඳින් කිරීම සඳහා ලැබුණු හොඳම පාඩම කුමක්ද?

අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය

මම සිතන්නේ විනය සහ නොපසුබට උත්සාහය

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Ali SabriLocalPoliticalSportsSri LankaSri Lanka Cricket
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?