By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සයිබර් අපරාධ කෙරූ ඉන්දියානුවන් පිරිසක් අත්අඩංගුවට.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > සයිබර් අපරාධ කෙරූ ඉන්දියානුවන් පිරිසක් අත්අඩංගුවට.
දේශීය

සයිබර් අපරාධ කෙරූ ඉන්දියානුවන් පිරිසක් අත්අඩංගුවට.

Last updated: July 2, 2024 6:32 pm
1 Min Read
Share
indian-cyber-criminals-operated-in-sri-lanka-arrested

මහනුවර අපරාධ විමර්ශන ඒකකය ඊයේ රාත්‍රියේ මහනුවර හල්ලොළුව ප්‍රදේශයේ නිවසක් වටලා සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දීය ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් භාවිත කළ උපකරණද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ අතර සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

වැටලීමේදී ඩෙස්ක්ටොප් පරිගණක 22ක්, ලැප්ටොප් පරිගණක හතරක්, නවීන තාක්ෂණයෙන් යුත් නවීන ජංගම දුරකථන 50කට අධික සංඛ්‍යාවක්, ATM කාඩ්පත් එකොළහක් සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

ඔවුන් මෙම නිවස මසකට රුපියල් ලක්ෂ 3කට කුලියට ගෙන ඇත්තේ රහසිගතව කටයුතු කිරීම සඳහා බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔවුන් අන්තර්ජාලය හරහා වෙනත් පරිගණක අපරාධ ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට සැක කෙරෙන අතර ඔවුන් පිළිබඳව විමර්ශන සිදු කෙරේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

ඔවුන් ආහාර පිළියෙල කිරීම සඳහා ඉන්දීය අරක්කැමියන් දෙදෙනකු යොදවා ගෙන ඇති බවත්, කණ්ඩායමේ කිසිවකුට දිවා කාලයේ පිටතට යාමට අවසර නොදුන් බවත් අනාවරණය විය.

සැකකරුවන් ඉදිරි කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

TAGGED:ArrestedCyber CrimeIndiansLocalPoliceSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?