මුහුදුබඩ මාර්ගයේ පානදුර සහ වාද්දුව දුම්රිය ස්ථාන අතර මීට සුළු මොහොතකට පෙර දුම්රිය පීලි පැනීමක් වාර්තා වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මගීන් නොමැතිව අලුත්වැඩියා කටයුතු සඳහා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි ඔවුන් පැවසුවේ.
ඒ අනුව මේ වන විට මුහුදුබඩ මාර්ගයේ වාද්දුව සහ පානදුර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තනි මාර්ගයක ක්‍රියාත්මක වේ.
එබැවින් ඉහත දුම්රිය ස්ථාන හරහා ගමන් කිරීමට නියමිත සියලුම දුම්රිය ප්‍රමාදයන් සහිතව ක්‍රියාත්මක වේ.