පසුගියදා සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයෙන් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවූ බැවින් පාසල් බස් හා වෑන් රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පාසල් සිසුන්ගේ ප්‍රවාහන සංගමය අද ප්‍රකාශ කළා.
පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් තම වාහන නඩත්තු කිරීමට නොහැකිව සිටින බවයි එම සංගමය කියා සිටියේ.
එබැවින් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා ණය මුදලක් ලබාදෙන ලෙසද, ළමයින් ආරක්ෂිතව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාමට සංගමය කටයුතු කරන බැවින් රජයට මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.