ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගයේ ජය හිමි කර ගැනීමට ගෝල් මාවර්ල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කඩුලු 5කින්.
තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් කණ්ඩායම වෙනුවෙන්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 47ක් ද ඇලෙක්ස් හේල්ස් ලකුණු 65ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ජැෆ්නා පිළ වෙනුවෙන් ෆ්‍රේබියන් ඇලන් හා අසිත ප්‍රනාන්දු කඩුලු 2ක බැගින් දවා ගත්තා.
තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ගෝල් මාවර්ල්ස් කණ්ඩායම ජය වාර්තා කළේ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින්.
මේ අතර තරඟාවලියේ 3වන තරඟය මේ වන විට Colombo Strikers හා Kandy Falcons කණ්ඩායම් අතර පැවැත්වෙනවා.