දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියක (අංක 1019) රියදුරුගේ සේවය අත්හිටුවා දෙපාර්තමේන්තු මට්ටමින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
රියදුරු බීමතින් මහනුවර නගරයට නුදුරින් සුදුහුම්පොලදී හදිසියේම දුම්රිය නවතා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මගීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දන්වා ඇත.
මෙම සිද්ධියෙන් කොළඹ – නුවර දුම්රියේ සිටි මගීන් තදබල දුෂ්කරතාවයකට පත්ව ඇත.