ලංකා ප්‍රිමියර් ලීග් (LPL) T20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
LPL හි සන්නාම තානාපතිවරයා වන හිටපු ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන ජයග්‍රාහී නායක මයිකල් ක්ලාක් ද සමාරම්භක උත්සවයට සහභාගී වූ අතර කණ්ඩායම් නායකයින් ඇතුළු ෆ්‍රැන්චයිස් කණ්ඩායම් පහේම ක්‍රීඩකයින් ද අවස්ථාවට සහභාගී විය.
එහිදී වත්මන් ශූර Kandy Falcons කණ්ඩායමේ නායක වනිඳු හසරංග විසින් LPL කුසලානය සන්නාම තානාපතිවරයා වෙත පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, LPL තරඟාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධරයින් හා තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සභාගී බු අතර උත්සවය ගායන හා නර්තන අංග වලින් වර්ණ ගන්වා තිබුණි.