දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. ඒ ගයානාහිදී වත්මන් ශූර එංගලන්තය ලකුණු 68කින් පරාජයට පත් කරමින්.
තරඟයේ කාසියේ වාසිය අහිමි වීමෙන් පසු වර්ෂාවෙන් බාධා ඇති වූ ඉනිමකදී ඉන්දියාව කදුළු 7කට ලකුණු 171 ක් ලබා ගත් අතර නායක රෝහිත් ෂර්මා ලකුණු 57 රැස් කරමින් තරඟාවලියේ ඔහුගේ තෙවැනි අර්ධ ශතකය සම්පූර්ණ කල අතර සූර්යකුමාර් යාදව් ලකුණු 47ක් රැස් කළේය.
2022 අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කළ එංගලන්තය අද දින ජයග්‍රහණය සඳහා ලකුණු 172ක් හඹා ගියේය. ඔවුන්ගේ ඉනිම ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ දමමින් ලකුණු 103කට බිඳ වැටුණු අතර ඉන්දීය දඟපන්දු යවන්නන් වන කුල්දීප් යාදෙව් (3-19) සහ අක්සාර් පටෙල් (3-23) ඔවුන් අතර කඩුලු 6ක් බෙදාහදා ගත්හ.
බදාදා පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 9කින් ඇෆ්ගනිස්තානය පරදවා සෙනසුරාදා බාබඩෝස් හි පැවැති අවසන් මහා තරගයට සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් දෙකම තවමත් මෙම තරගාවලියේ කිසිදු තරගයක් පරාජය වී නොමැත.
පසුගිය වසරේ ඕවර 50 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ මව්බිමේදී පරාජයට පත් වූ ඉන්දියාව 2013 ශූරයන්ගේ කුසලානය දිනා ගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු ප්‍රධාන ශූරතාව සඳහා ලංසු තබනු ඇත.