අද පස්වරුවේ ඇහැලියගොඩ, උඩුවන ගැටහැත්ත ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් නිවාස අටක් පමණ සම්පුර්ණයෙන්ම යටවී ඇත.
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් එස්.ඒ.දිල්රුක් මහතා පැවසුවේ, ආපදාවට ලක්වූ ප්‍රදේශයේ අද උදෑසන සිට නාය ගිය හැකි අවදානමක ලකුණු වර්ධනය වී ඇති බවත්, එම ප්‍රදේශයෙන් පවුල් 43ක් ඉවත් කර උඩවාන සිද්ධාර්ථ විද්‍යාලයේ නවාතැන් සහ කඩිනම් සහන සැලසීමට පියවර ගත් බවත්ය.
ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ ගැටහැත්ත ඇළ නාය ගිය ස්ථානයේ අවහිර වීමෙන් ප්‍රදේශයේ ගංවතුර තර්ජනයක් ඇති වී තිබෙන බවයි.