තම ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් දින තුනක කාලයක් රාජකාරීවලින් වැළකී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
එම සන්ධානයේ සම කැඳවුම්කරුවන් කියා සිටියේ පරිපාලන නිලධාරීන්ගේ ගැටළු විසඳීමට රජය කඩිනම් තීරණ ගෙන ඇති බවයි.
අපගේ සන්ධානය වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. නමුත් අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වෙනවා.
ඔවුන් කියා සිටියා.
මේ හේතුවෙන් ඊයේ (26) සිට දින තුනක් වැඩ කිරීමෙන් වැළකී සිටීමට එම සන්ධානය තීරණය කර ඇත. සති අන්ත සහ රජයේ විශේෂ නිවාඩු දිනවල වැඩ නොකිරීමට ද සන්ධානය තීරණය කළේය.
අපගේ ඉල්ලීම්වලට රජය ප්‍රතිචාර නොදක්වන්නේ නම් සන්ධානය දිස්ත්‍රික් මට්ටමින් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.