විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලසුම් පිළිබඳ නිවේදනයක් කර තිබනවා .
සිය X ගිණුම හරහා සටහනක් තබමින් ඇමතිවරයා සඳහන් කරන්නේ, ලංකා තෙල් නීතිගත සංස්ථාව(CPC) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්ම යටතේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරිපහදුව, ඉන්ධනවල ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පිරිවැය අඩුකිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ඉහළ නැංවීම වෙනුවෙන් වෙනම රජය සතු සහ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස පිහිටුවනු ඇති බවයි.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක පිරිස සහ වැටුප් ව්‍යුහය ද සංශෝධනය කෙරෙන අතර බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවන් හඳුන්වාදෙනු ඇති බව ද අමාත්‍යවරයා ඒ ඔස්සේ සඳහන් කරනවා.
ඊයේ (25) දිනයේ දී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාල නියමය සහ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ පිරිපහදුවෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග පැවැත් වී තිබුණා.