විදේශ අමාත්‍ය අලි සබ්රි ජූලි 1 වැනිදා සිට ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ජපාන විදේශ අමාත්‍ය Yoko Kamikawa ගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකරන බවයි ඔවුන් කියා සිටියේ.
මෙම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා ජපාන අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වන අතර, එහිදී මැයි මාසයේ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද නිල සංචාරයේ ප්‍රතිඵලය පිළිබඳ තවදුරටත් ප්‍රගතියක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
අමාත්‍ය අලි සබ්රි මහතා ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් Yoshimasa Hayashi ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු ද මෙම සංචාරයේදී හමුවීමට නියමිතය.
විදේශ අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි.