විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය (CTU) සිය අසනීප නිවාඩු ව්‍යාපාරය හෙට දෙවන දිනටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ඇතුළු විශාල පිරිසක් තම ඉල්ලීම්වලට සහය පළ කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානයට රැස්ව සිටින අතර, අද පැවති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක වූ බව ඔහු පැවසීය.
අපි හෙටත් අපේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වටයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් වලට සහභාගි නොවීමටත් තීරණය කර තිබෙනවා.
අද බොහෝ පාසල් ක්‍රියාත්මක වන්නේ ගුරුවරුන් නොමැතිව. අපි දරුවන් අපහසුතාවයට පත් කිරීමට කැමති නෑ, නමුත් අපි අපේ අයිතිවාසිකම් ඉල්ලන්නෙ. පාසල් සිසුන් අපහසුතාවයට පත්කිරීමේ වගකීම පැවරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටයි. අපිව විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සාධාරණ නැහැ. අපි එතන හිටියේ අපේ ඉල්ලීම් ලබා ගන්න. රජය මේ වගේ ප්‍රතිචාරයක් දක්වනවා නම් අපි අපේ වැඩවර්ජනය දිගටම කරගෙන යනවා.
ඒ නිසා අපි අපේ අසනීප නිවාඩු ව්‍යාපාරය හෙටත් කරගෙන යන්න තීරණය කළා.
ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතාවලින් තුනෙන් දෙකක ඉතිරිව ඇති වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ පිරිවෙන් ගුරුවරුන් සිය එක්දින අසනීප නිවාඩු ව්‍යාපාරය අද ආරම්භ කළා.
ගුරු වර්ජනයට අදාළ අනෙක් පුවත් කියවන්න