නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සමඟින් බහුදින යාත්‍රාවක් නාවික හාමුදා භාරයට පත්ව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 121ක් පමණ දුර ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදීයි.
බහුදින ධීවර යාත්‍රාව සමග සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.