කෘතිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කරන ලද තුන් සූත්‍රයෙන් එක් සූත්‍රයක් වන කරණීය මෙත්ත සූත්‍රයේ පිටපතක් සමාජ මාධ්‍යයේ සංසරණය වී තිබෙනවා. මේ පිළිබඳව බුද්ධ ශාසන අමාත්‍යාංශය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබෙනවා.
එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමෙන්ද මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.