By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මිහින්තලෙන් TRINCO යන කෝච්චිය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මිහින්තලෙන් TRINCO යන කෝච්චිය
දේශීය

මිහින්තලෙන් TRINCO යන කෝච්චිය

Last updated: June 22, 2024 2:38 pm
2 Min Read
Share

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැය මගින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන 200ක් වෙන්කර ඇති බවත් මේ තුළින් ඉතිහාසයේ අනුරාධපුර රාජධානියේ කේන්ද්‍රීය සංවර්ධිත නගරය මෙන් ආර්ථික මර්මස්ථාන කේන්ද්‍රීය නගරයක් ලෙස අනුරාධපුරය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් මෙම දුම්රිය ගමනාගමනය ආරම්භ කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ කීය.

“විදේශීය රටවලින් කොළඹට ආනයනය කෙරෙනවා. භාණ්ඩ දුම්රිය මගින්අනුරාධපුරය හා මිහින්තලය ගබඩා සංකීර්ණ සඳහා ප්‍රවාහනය කොට, උතුරු මැද උතුරු සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක දහයකට බෙදා හැරීම හා එම පළාත්වල නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ කොළඹට ගෙන්වා අපනයනය කිරීමේ ප්‍රධාන මර්මස්ථානය බවට මිහින්තලය පරිවර්තනය කිරීම විසල් අනුරාධපුර වැඩසටහනේ අරමුණයි.

එමෙන්ම ගොවි නිෂ්පාදන තොග වශයෙන් හුවමාරු කරන තොග හුවමාරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමද මෙම සැලැස්මට අයත් වෙනවා.

මේ තුළින් ඉතිහාසයේ අනුරාධපුර රාජධානියේ කේන්ද්‍රීය සංවර්ධිත නගරය මෙන් ආර්ථික මර්මස්ථාන කේන්ද්‍රීය නගරයක් ලෙස සංවර්ධනය කිරීම අපේ අරමුණයි.

රුපියල් කෝටි තුන්දහසක ඉන්දියානු ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට කටයුතු ආරම්භ කෙරුණා. අනුරාධපුරය සිට ඕමන්තය දක්වා පැයට කිලෝමීටර 100ක වේගයෙන් ගමන් කිරීමට හැකි වන පරිදිදුම්රිය මාර්ගය නවීකරණය කළා. දෙවන අදියර යටතේ අනුරාධපුරය සිට මහව දක්වා නවීකරණ කිරීමටද කටයුතු ආරම්භ කෙරුණා. මෙම සංවර්ධනයන් මගින් යාපනයේ සිට කොළඹ දක්වා ගමනාන්තය සඳහා පැය හතහමාරක් පමණ කාලයක් ගත වුණා. දැන් එම ගමන මාස දෙකකින් පමණ පසුව පැය පහහමාරකින් ගමන්කර හැකි නවීකරණය කරන ලද දුම්රිය මාර්ගයක් බවට පරිවර්තනය කරනවා.

ඉදිරියේදී කිලෝමීටර් 60ක් වන මිහින්තලයේ සිට ත්‍රිකුණාමලය දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වහාම ආරම්භ කිරීමට අවශ්‍ය වගකීම එම ඉංජිනේරුවන්ට අද දින ලබා දෙනවා. අනුරාධපුර සිට මිහින්තලේ දක්වා කිලෝමීටර් 14ක් පමණ වන දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ආණ්ඩුව විසින් රුපියල් ලක්ෂ 6500ක මුදලක් වැයකර තිබෙනවා. ‘විසල් අනුරාධපුර’ වැඩසටහන සඳහා මෙවර අයවැය මගින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන 200ක් වෙන්කර තිබෙනවා.”

TAGGED:LocalRailway
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?