එරට වේලාවෙන් ඊයේ (12) පෙරවරු 6 සිට අද (13) පෙරවරු 6 දක්වා කාලය තුළ සිය දිවයින වටා, චීන හමුදා ගුවන් යානා 23ක් සහ නාවික යාත්‍රා හතක් ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය කළ බව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව චීන හමුදා ගුවන් යානා 23න් 19ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර තායිවානයේ නිරිතදිග සහ නැගෙනහිර ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ඇතුළු වූ බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.
චීනයේ අදාළ ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් තායිවාන සන්නද්ධ හමුදා ගුවන් යානා සහ නාවික නෞකා යවා චීනයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා වෙරළබඩ මිසයිල පද්ධති යොදවා ඇති බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ජුනි මාසයේ ගත වූ කාලය තුළ තායිවානය තම භූමිය ආසන්නයේ තිබූ චීන හමුදා ගුවන් යානා 132 වතාවක් සහ නාවික වෙරළ ආරක්ෂක යාත්‍රා 109 වතාවක් හඳුනාගෙන ඇති බව ද ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් තායිවාන පුවත් සේවය වාර්තා කරනවා.