By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මුද්‍රණ දෙපාර්තමේන්තුව චක්‍රලේඛ උල්ලංඝනය කරලා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මුද්‍රණ දෙපාර්තමේන්තුව චක්‍රලේඛ උල්ලංඝනය කරලා
දේශීය

මුද්‍රණ දෙපාර්තමේන්තුව චක්‍රලේඛ උල්ලංඝනය කරලා

Last updated: June 22, 2024 12:30 pm
2 Min Read
Share

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අය වැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින්  සමස්ත අතිකාල දීමනා හා වෙනත් දීමනා 2023 ජනවාරි මාසයේ සිට අනුමත ප්‍රතිපාදන ඉක්මවා 60.39% ක්  වැඩියෙන්  වියදම් කොට ඇති බව  ජුනි මස 10 වැනි දා  නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

දෙපාර්තමේන්තුවේ සේවකයන් සඳහා  2023 වර්ෂයේ සහ 2024 මාසයේ ජනවාරි හා පෙබරවාරි  මාස 02ද ඇතුළුව අතිකාල හා වෙනත් දීමනා ලෙස  රුපියල් එකසිය පනස් නව කෝටි දස ලක්ෂ හැත්තෑ හය දහස් අටසීය අනූ පහක කොටසක් (1,591,076,895) මුදලක් 2024 වර්ෂයේ ගෙවා තිබුණි.

2024 වර්ෂයේ ජනවාරි හා පෙබරාවරි මාස 02 තුළ අතිකාල හා වෙනත් දීමනා ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන්ට රුපියල් දහතුන් කෝටි තිස් හය ලක්ෂ දාසය දහස් නවසීය අසූ හතක මුදලක් (133,616,897) ගෙවා ඇති බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ. 2023 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් 31 වන දා දක්වා අතිකාල හා වෙනත් දීමනා ලෙස  අයවැය  මගින් රුපියල් අනූ නව කෝටි විසි ලක්ෂයක (992,000,000) ප්‍රතිපාදන අනුමත කොට තිබුණි.

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික  නිලධාරීන් හට වාණිජ මුද්‍රණ දීමනාව ගෙවීමේ දී කොන්දේසි 03 ක් සපුරාලිය යුතු බවට අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ තීරණයකින් දන්වා තිබුණි. විගණනය පවසන පරිදි 1998 වර්ෂයේ සිට එම කොන්දේසි 03 සපුරාගෙන නොතිබූ බව පවසයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

එහෙත් 2023 වර්ෂයේ දී මෙම කොන්දේසි සපුරාගෙන නොමැතිව වාණිජ මුද්‍රණ දීමනාව ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂ විසි නව දහස් දෙසීය හතළිස් හතරක මුදලක් ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මුදල් අමාත්‍යංශය විසින් 2023 වර්ෂයේ ජනවාරි මස 27 වන දින නිකුත් කරනු ලැබූ අය වැය චක්‍ර ලේඛනය මගින් අතිකාල හා නිවාඩු දින වැටුප් සහ වෙනත් දීමනා සඳහා ප්‍රතිපාදන අවම වශයෙන් 6% කින් අඩු කළ යුතු බවට මුදල් අමාත්‍යංශය මගින් අවධාරණය කර තිබූ බව එම විගණන වාර්තාවේ සඳහන් වේ.

TAGGED:DepartmentGovernmentLocalPrinting
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?