By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඩොලර් දෙනවා කියා ලක්ෂ 50ක් වංචා කරලා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ඩොලර් දෙනවා කියා ලක්ෂ 50ක් වංචා කරලා
දේශීය

ඩොලර් දෙනවා කියා ලක්ෂ 50ක් වංචා කරලා

තිළිණි පියුමාලි නමැත්තියගෙන් ඩොලර් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන වංචා කළැයි කියන කාන්තාවක් ලබන 26වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (12දා) නියම කළාය.

Last updated: June 21, 2024 8:33 pm
1 Min Read
Share

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බව කියමින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ කොටිකාවත්ත ප්‍රදේශයේ කුමුදුනී සුදර්ශනී නමැත්තියකි.

ව්‍යාපාරිකයකු වන රාගම පදිංචි රංජිත් එදිරිසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු තිළිණි පියුමාලි නමැත්තිය හරහා ඩොලර් ලබා දෙන බව පවසමින් සැකකාරිය පැමිණිලිකරුගෙන් 2023 සැප්තැම්බර් මාසයේදී මෙලෙස මුදල් ලබා ගෙන ඇතැයි දැනුම් දුන්හ.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු ඩොලරයක් රුපියල් 285ක් බැගින් රුපියල් ලක්ෂ 10ක මුදලකට සරිලන ඩොලර් පැමිණිලිකරුට ලබා දී ඇතැයිද ඇය පැමිණිලිකරුට තවත් රුපියල් ලක්ෂ 40කට සරිලන ඩොලර් ලබා දිය යුතුව ඇතැයිද දැනුම් දුන්හ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පසීර් මොහොමඩ් මහතා කරුණු දක්වමින්, පැමිණිලිකරුගෙන් තම සේවාදායිකාව මුදල් ලබා ගත් බවත් එම මුදල් තිළිණි පියුමාලී නමැත්තියට දුන් බවත් කීවේය.

අදාළ මුදල් තිළිණි පියුමාලි නමැත්තියගෙන් ලබා ගත යුතු යැයි කී නීතිඥවරයා තම සේවාදායිකාවට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විමර්ශන අවසන් නොමැති හෙයින් සැකකාරිය ලබන 26වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ මහේස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දීමට පොලීසියට නියම කළාය.

TAGGED:FraudLocalScamSocial
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?