රුපියල් ලක්ෂ 18ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේදී (11) වනිදා වැටලීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ.
යාපනය පොලීසියේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට ලැබුණු තොරතුරක් මත ධීවර වාඩියක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම කේරළ ගංජා තොගය හමු වී ඇති අතර එම වාඩියේ අයිතිකරු පලාගොස් තිබුණා.
කේරළ ගංජා තොගය කිලෝ ග්‍රෑම් දෙක බැගින් වූ පැකැට්වල අසුරා තබා ඇත්තේ යාපනය නගරය වෙත රැගෙන යාමට බව හෙළි වී තිබුණා.
එම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට පැමිණි බෝට්ටුවකින් මෙම ධීවරයා විසින් ගොඩබිමට රැගෙන එන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.