මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරනලෙස ඉල්ලීමක් කරමින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා පැවසුවා.
පසුගියදා 06වෙනිදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අවස්ථාවේ මේ පිළිබඳ සාකච්ඡා කළා.
කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනම් කටයුතු යොදන ලෙස සහ එය තවදුරටත් පමා නොකරන ලෙස සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.
අනතුරුව, කාරක සභාව විසින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනතේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ ඇති රෙගුලාසි සහ එම පනතේ 3 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 4 වැනි වගන්තිය යටතේ නියෝගයක් සැලකිල්ලට ගත් අතර, ඉන් අනතුරුව කාරක සභාව විසින් උක්ත නියෝගය සහ රෙගුලාසිය අනුමත කරනු ලැබුවා.