ලෝක කුසලාන විස්සයි-20 ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (10) පැවැති තරගය ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් විය.
එම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්රිකානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකානු කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස්කළේය.
එහිදී දකුණු අප්රිකානු කණ්ඩායම වෙනුවෙන් Heinrich Klaasen ලකුණු 46ක් රැස්කළ අතර David Miller ලකුණු 29ක් රැස් කළේය.
ඒ අනුව ලකුණු 113ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 7දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 109ක් පමණි.
මේ අතර තමන් මුහුණ දුන් තරඟ 2ම පරාජයට පත් වූ ශ්රී ලංකා කණ්ඩායමේ තරඟාවලියේ ඉදිරියට යාමේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට මේ තරඟයේ ප්රථිඵලයෙන් ලැබුණේ විශාල පිටුවහලකි. ශ්රී ලංකා කන්ඩායම ඉදිරියට යනවාද නැද්ද යන්න ඔවුන් ඉදිරි තරඟ සියල්ල ජයග්රහණය කළද අනෙක් කණ්ඩායම් වල ජය පැරදුම මත තීරණය වනවා ඇත.