විදුලි බල මණ්ඩලය මගින් විදුලි ගාස්තු සංශෝධනයට අවශ්‍ය යෝජනා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇත.
එම යෝජනාවලියට අනුව යොයනා කර ඇති සංශෝධිත ගාස්තු පහත පරිදි වේ.
ඒකක ප්‍රමාණය පැවති මිල නව මිල
- 0 – 30 8.00 6.00
- 31 – 60 20.00 9.00
- 61 – 90 – 18.00
- 91-120 50.00 30.00
මේ තුළින් ස්ථාවර ගාස්තුවේ වෙනසක් යෝජනා කර නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
කොමිසම අදාළ යෝජනාව ඇගයීමෙන් සහ මහජන අදහස් විමසීමෙන් පසු අවසාන තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති.