ලෝක කුසලාන විස්සයි-20 ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකාව සහ බංගලාදේශය අතර තරඟය අද (08) පැවැත්වෙනවා.
ඒ මෙරට වේලාවෙන් උදෑසන 6.00ට Dallas හිදී.
තරඟාවලියේ ශ්රී ලංකාව මුහුණ දෙන 2වන තරඟය මෙය වන අතර පළමු තරඟය දකුණු අප්රිකාව හමුවේ පරාජයට පත් වීමට ඔවුන්ට සිදු වුනා. ඒ අසාර්ථක පන්දුවට පහරදීම නිසා. එබැවින් තරඟාවලියේ ඉදිරියට යාම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට අද පැවැත්වෙන තරඟය ජය ගැනීම තීරණාත්මක කාරණයක් බවට පත් වනු ඇත.