ලෝක කුසලානය වෙනුවෙන් සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය හා පාකිස්ථානය අතර තරඟය අද (06) රාත්රියේ පැවැත්වුණා. එහිදී ප්රභල පාකිස්ථාන කණ්ඩායම පරදවා සුපිරි පන්දු වාරයකින් තරඟයේ ජයග්රහණය ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් වුණා.
මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ ලකුණු 159 ලබා ගත් අතර තරඟයේ තීරණය සුපිරි පන්දු වාරයකට භාර කෙරුණා.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සුපිරි පන්දු වාරයේ ලකුණු 18ක් ලබා ගත් අතර ජයග්රහණය සඳහා ලකුණු 19ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 13ක් පමණයි.
ඒ අනුව තරඟයේ ජය ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සතු වූ අතර ප්රසාද ලඛුණු සටහනේ පෙරමුණට පැමිණීමටද ඔවුන් සමත් වුණා.