ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගෙන ඒම සහ එහි වර්ධනය ඉලක්ක කරගනිමින් NDB බැංකුව විසින් මාර්තු මස 26වන දින අපනයනකරුවන් වෙනුවෙන් වැඩමුළුවක් සංවිධානය කරන ලදී. මාර්තු මස 26 දින කොළඹ රාමඩා හෝටලයේදී මෙම වැඩමුළුව පැවැත්වුනු අතර ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින්, ප‍්‍රතිපත්ති සම්පාදකයින්, අපනයනකරුවන් සහ විශේෂඥයින් සමඟ එක්ව රටට අවශ්‍ය විදේශ ආදායම් ඉහල නංවාගැනීමේ උපායමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.
ශ‍්‍රී ලංකාවේ සිටින කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) අපනයනකරුවන්ට, නැගී එන ව්‍යවසායකයින්ට සහ නවෝත්පාදකයින්ට මූල්‍ය සහ මූල්‍ය නොවන සහාය දැක්වීම ඉලක්ක කර ගනිමින් NDB හි ජයගමු ශ‍්‍රී ලංකා යන ව්‍යාපෘතිය යටතේ සංවිධානය කරනු ලැබූ මෙම සම්මේලනය දේශීය ව්‍යාපාර සවිබල ගැන්වීම සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගත් වෑයමකි. මෙවැනි අපනයනකරුවන්ගේ වැඩමුළු සහ බැංකුවේ අනෙකුත් ව්‍යාපාරික සහයෝගීතාවයන් හරහා අපනයන ක්ෂේත‍්‍රයේ වර්ධනය වෙනුවෙන් බැංකුව සිය දායකත්වය ලබා දී ඇත.
ගෝලීය වෙළඳපොල තුළ අපනයනකරුවන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ සාර්ථකත්වයට පහසුකම් සැලසීම සඳහා NDB බැංකුවේ සිය කැපවීම බැංකුවේ ප‍්‍රධාන විධායක නිළධාරී කැළුම් එදිරිසිංහ මහතා විසින් අවධාරණය කළේය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කින්ග්ස්ලි බර්නාඞ් මහතා විසින් ‘‘අපනයන කරුවන් සඳහා ඇති අවස්ථාවන් සහ වර්ථමාන ව්‍යාපාරික පරිසය’’ පිළිබඳව ඉතා හරවත් දේශනයක් පැවැත්වූ අතර දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් අයේෂා අශාන්ති මහත්මිය විසින් ‘‘අපනයන කරුවන් වෙනුවෙන් බල පැවැත්වෙන බදු ප‍්‍රතිපත්තීන්’’ පිළිබඳ ඉතා වටිනා දේශනයක්ද පවත්වන ලදී. මෙම අවස්ථාවේදී ඔවුන් මෙම වැඩසටහන වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔවුන් දෙදෙනාටම ඇගයීම් සංකේතයන්ද පිරිනැමින.
මෙම වැඩමුළුවේදී අපනයනකරුවන්ගේ සුවිශේෂී අවශ්‍යතාවයන් වෙනුවෙන්ම සැකසුනු මූල්‍ය විසඳුම්, උපායමාර්ගික මාර්ගෝපදේශන, ගෝලීය වෙලඳපල වෙත පිවිසීමට අවශ්‍ය සම්බන්ධතා, වෙනත් මූල්‍ය නොවන සේවා සහය පිළිබඳව පැමිණ සිටි අපනයනකරුවන් දැනුවත් කරන ලදී. මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම වෙනුවෙන් නිර්මාණය කල බැංකුවේ අද්විතීය ඩිජිටල් විසඳුම් වන NDB NeosBiz සහ Neos Corporate යන ඩිජිටල් බැංකුකරණ නිෂ්පාදන පිළිබඳවද පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.
ශ‍්‍රී ලංකාව පෙර නොවූ විරූ අභියෝගාත්මක පරිච්ෙඡ්දයක් ගත කරන මෙවන් අවස්ථාවකදී, NDB බැංකුව අපනයනකරුවන්ට සහය දෙමින් සහ ඔවුන්ට ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි ලෙස ඔවුන්ව සවිමත් කරමින් අපනය කර්මාන්ත ක්ෂේත‍්‍රය දියුණු කිරීම වෙනුවෙන් ඇප කැප වී සිටියි. NDB බැංකුව සිය ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් සමඟ එක්ව නව අවස්ථාවන් විවරකරමින්, නවෝත්පාදනයන් සඳහා අවස්ථාවන් හිමිකර දෙමින් ශ‍්‍රී ලංකාවේ සෞභාග්‍යය කරා යන ගමනට දායක වීමට සෑමවිටම උත්සාහ දරයි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තු ගත පෞද්ගලික වාණිජ බැංකුව වේ. මෑතකදී පැවතිAsian Banking & Finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.
ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කළ වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන් වලදී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය.
මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place To Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොල තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොල ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.