ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.50 සහ සියයට 9.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.
මේ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 2.00 මට්ටමේ නොවෙනස්ව පවතින බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
2024 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව කියා සිටී.