ඔහු එලෙස තේරී පත්වී ඇත්තේ, ICN New Zealand Natural Body Building Fedaration විසින් සංවිධානය කරන ලද කායවර්ධන තරගයකට සහභාගී වෙමිනි.
2024 මැයි 19 වනදා නවසීලන්තයේ ටවුපෝ නගරයේදී මෙම තරගය පවත්වා තිබුණි.
ධනුක මාලිංග එම තරගයේදී රන් පදක්කම් 03ක් සහ රිදී පදක්කමක් ලබා ගැනීමට සමත්විය.
මෙම තරගය සඳහා සුලාර ධනුක මාලිංග ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෙකු වන යොහාන් සෙත් නමැති පුහුණුකරු යටතේ පුහුණුවීම් ලබා තිබුණි.
සුලාර ධනුක මාලිංග දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සහ ගල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර ඔහු දැනට වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයකු වශයෙන් නවසීලන්තයේ සේවය කරයි.