පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට එල්ල වී ඇතැයි කියන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් කරන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් පොලිස්පතිට උපදෙස්.
වීසා ගනුදෙනු සම්බන්ධයෙන් මුදල් කාරක සභාව කරගෙන යන විමර්ශන වලට එල්ල වන බලපෑම් පිළිබඳ එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී කළ අණාවරණය මෙයට හේතු විය.
මෙම වීසා ගනුදෙනු සම්බන්ධයෙන් තමා මීළඟ සතියේ වාර්තාවක් ඉදිරිපත් කරන බවත් මෙය ඩොලර් බිලියන ගණනාවක කටයුත්තක් බවත් තමාව පාරේ මරා දැමුවහොත් මෙම කටයුත්ත පිටුපස සිටින පිරිස වග කිව යුතු බවටත් ඒ පහතා අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම සමඟ ඊයේ (07) පාර්ලිමේන්තුවේ සංවාදාත්මක තත්වයක්ද ඇති වුණා.