අපේ රටේ තාරුණ්‍යට අනුව ලංකාවේ නව සංගීත කලාවේ ස්වර්ණමය යුගය 2000-2010 කියලා කවුරු හරි කිව්වොත් වැරදි නෑ. ඔය කාල වකවානුවේ හිටපු තරුණයො වගේම ඒ කාලේ පාසල් ගියපු උදවියත් හරිම ආදරෙන් වැළඳගත්ත අදටත් ඇහුණ වෙලාවට ආසාවෙන් කන් යොමාගෙන ඉන්න ගීත සහ සංගීත කණ්ඩායම් ගොඩක් බිහි වුණේ ඔය කාලෙ තමයි.
ඒ කාලෙ සංගීතය ගැන කවුරු හරි කියනවා නම් අමතක කරන්නම බැරි නමක් තමයි සෙන්ටිග්‍රේඩ්ස් (Centigradz) කියන්නෙ. අදටත් රසට අහන්න පුළුවන් ඒ කාලෙ බිහි වුණ ගීත ගොඩකම අයිතිකාරයො මෙයාල තමයි. ඒ වෙනකොට ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ඇවිල්ල හිටපු සෙන්ටිග්‍රේඩ්ස් ලා 2012 දි වගේ එයාලගෙ ප්‍රේක්ශකයො කොහොමවත් අහන්න අකමැති උන නිවේදනයක් කරනවා.
ඒ තමයි එයලගෙ කණ්ඩායමේ ප්‍රේක්ශකයො වැඩියෙන්ම ආදරය කරපු කටහඬක් තිබුන උදය ශ්‍රී කණ්ඩායමෙන් ඉවත් වීම.
මේකෙන් පස්සෙ වෙන වෙනම ගමනක් ගියපු උදය ශ්‍රී සහ සෙන්ටිග්‍රේඩ්ස් තම තමන්ගේ කියලා ගීත එලිදැක්වුවත් පරණ කාලෙ වගේ කවුරුත් සාර්ථක උනේ නෑ. ඒත් එයලගෙ පරණ කාලෙ ජනප්‍රියත්වය නිසා මෙයාල අයෙ එකතු වෙයි කියල විටින් විට ගියපු කසු කුසු වල අඩුවක් තිබුණෙත් නෑ.ඒ කතා ගින්නට පිදුරු දැම්මා වගේ වැඩක් අද උදේ මුහුණුපොතට ගියපු අයට බලන්න ලැබුණා.
ඒ තමයි උදය ශ්‍රීත් ඉන්න කණ්ඩායමේ පරණ පින්තූරයක් තුසිත් නිරෝශන් විසින් පළ කර තිබීම.
දෙපාර්ශවේ එක්වීම බලාගෙන හිටපු ප්‍රේක්ශකයන්ට මේක ලොකු බලාපොරොත්තුවක් උනා. කොහොම නමුත් ඒ බලාපොරොත්තු ඔක්කොම කැඩිලා ගියේ ඒකට උදය ශ්‍රී දාල තිබුණ ප්‍රතිචාරය එක්ක.
පරණ කතා මොනව උනත් ඒව අමතක කරලා එයාල වෙනුවෙන් ආයෙ එකතු වෙන්න කියලා තමයි ගොඩක් ප්‍රේක්ශකොයො ඒ වෙලාවෙ ඉල්ලලා තිබුනෙ.
කොහොම නමුත් පොඩි කාලෙ ඉඳලා ආසාවෙන් අහපු අදටත් අහන ගීත ගොඩක අයිතිකාරයො උන මෙයාලා අයෙ එකතු වෙනවා නම් අපිත් කැමතියි. ඒත් ඒක එයාලගෙ පෞද්ගලික තීරණයක් සහ මැදිහත් සිතින් ප්‍රේක්ශකයො හැමෝම එයාල ගන්න හෝ දැනටම ඉන්න තීරණයකට ගරු කරන්න ඕන කියලාත් සඳහන් කරන්නම ඕන.