මේ වර්ජනය හේතුවෙන්ම ගීන් පත්වුණේ දැඩි අපහසුතාවයකටයි.
මේ අතර වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
උසස්වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය පසුගිය 6 වැනිදා සිට වර්ජනයක නිරත වනවා.
දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියැදුරන් 80 දෙනෙකු මෙම වර්ජනයට එක්ව සිටින බවයි එම සංගමය පැවසුවේ.
මෙම පසුබිම හමුවේ දුම්රිය මගීන් අදත් අපහසුතාවට පත්ව සිටි අතර, ඇතැම් දුම්රිය ස්ථාන පාළු ස්වභාවයක් ගෙන තිබුණා.
ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය සඳහන් කළේ තම ගැටලුවලට මෙතෙක් විසඳුමක් නොලැබුණු හෙයින් අද දිනයේත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
කෙසේවෙතත් විශ්‍රාමික දුම්රිය රියැදුරන් යොදා ගනිමින් අද දිනයේ දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් අද දහවල් පැවැත්වීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.